අඩුවූ ඉන්ධන මිලේ සහන

නොවැ 03, 2018
    අඩුවූ ඉන්ධන ගාස්තුවට සමගාමීව එහි සහනය මගීන්ට ලබාදීම පිළිබඳ, විශේෂ සාකච්ජාවක් හෙට පැවැත්වෙන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
    එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, කෙසේ වුවද, අවම ගාස්තුව සංශෝධනය නොවන බවයි.රුපියල් 123ක්ව පැවති ඩීසල් මිල රුපියල් 7කින් අඩු කෙරුණා.
     
    එම සහනය මගී ජනතාවට ලබාදීම සම්බන්ධයෙන්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ හෙට පැවැත්වෙන සාකච්ජවේදී ගන්නා තීරණය ජාතික ගමනා-ගමන කොමිසම සමඟ ලබන 7 වැනිදින සාකච්ජා කරන බවයි, ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

    Latest News