GMOA - රාජිතව එපාලු

නොවැ 03, 2018
    රාජිත සේනාරත්න මහතා නව රජයට එක්වී නැවතත් සෞඛ්‍ය අමාත්‍ය තනතුරට පත්වීමට උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 
    එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටින්නේ, එසේ වුවහොත්, යළි දැනුම් දීමකින් තොරව රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
     
    “ඔහු සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉන්දැද්දී සිදු කරන ලද අක්‍රමිකතාවයක් සම්බන්ධව විශේෂ කොමිෂන් සභාවක් පත්කරන්න කියලා. පසුගිය ඉතිහාසයේ බිහිවුණු වෛද්‍ය සභාව නොසලකා හැරලා, ඒ වෙනකොට වෙනත් පෞද්ගලික ආයතන වෙනුවෙන් ඒවායේ වරප්‍රසාද, වරදාන වෙනුවෙන් කටයුතු කරපු සෞඛ්‍ය ඇමතිවරයෙකු විධියට තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තිබුණේ.
     
    රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් හිතනවා වෙනුවට තමන් සමඟ සිටින එක කල්ලියක් සමඟ කටයුතු කිරීම කියන කාරණා මත පදනම් වෙලා හා ඉදිරියේ දී ජනතාවට ලබාදෙන සෞඛ්‍ය ප්‍රමිතිය ආරක්‍ෂා කිරීමට නොහැකි වුණු සෞඛ්‍ය මතිවරයෙක් හැටියට  තමයි රාජ්‍ය සේනාරත්න කියන සෞඛ්‍ය ඇමතිවරයා නැවත අපේ සෞඛ්‍ය ඇමතිවරයා හැටියට පත්කොළොත්, ඒ පත්කරන මොහොතේම නැවත දැනුම් දීමකින් තොරව රට පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා“.   
    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 18:52

    Latest News