ඩීසල්-භූමිතෙල් මිල ඉහළට

නොවැ 12, 2022

    ඩීසල් ලීටරයක් රුපියල් 15කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

    ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

    සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක් රුපියල් 510ක් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370ක් ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464ක් ද ලෙස තව දුරටත් පවතින බව ද සංස්ථාව දන්වයි. ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

    • සුදු ඩීසල් - රු.15 කින් (නව මිල රු.430)
    • භූමිතෙල් - රු.25 කින් (නව මිල රු.365)
    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 12:39

    Latest News