පාර්ලිමේන්තුව ගැන කෙහෙළියගෙන් ඉඟියක් - දිනේෂ්ටත් තනතුරක්

නොවැ 03, 2018

    පාර්ලිමේන්තුව ලබන හත් වැනිදා  (07) කිසිඳු විටකින් පැවැත්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර මාධ්‍යයකට ප්‍රකාශ කළා.

    පාර්ලිමේන්තු කැදවීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සතු බවයි, ඔහු අගමැති කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේ. විවිධ පාර්ශව පාර්ලිමේන්තුව කැදවීම සම්බන්ධයෙක් කරන ප්‍රකාශයන් තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

    පාර්ලිමේන්තුවේ බහුතරය මේ වන විට සම්පූර්ණකර ඇති බැවින් පාර්ලිමේන්තුව නැවත ආරම්භ කිරීමෙන් පසු බහුතරය පෙන්වා එහි කටයුතු ඉදිරියට ක්‍රියාත්මක  කිරිමට තීරණය කර තිබේ. 

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ආණ්ඩුව සමග සිටින සියළුම කණ්ඩායම් මීට සුළු වේලාවකට පෙර හමුවි තීන්දු කිහිපයක් ගෙන ඇත. ඒ අනූව, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභානායක ලෙස පත්කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබේ.

     හමුව පැවැත්වුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.  

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 12:48

    Latest News