ගලේවෙල අලි එළවීමේ සුපිරි මෙහෙයුම (වීඩියෝ)

නොවැ 03, 2018
  • ගලේවෙල - දඩුබැදිරුප්ප ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් පලවා හැරීමට වන ජීවී නිලධාරීන් සමත් විය. 

    මාසයකට අධික කාලයක් වනඅලි රංචුව මෙම ප්‍රදේශයේ ගැවසෙන බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ. 

    ඊයේ සිදුකළ මෙහෙයුමෙන් දඩුබැදිරුප්ප ගම්මානයේ සිට රණව රක්ෂිතයට පලවා හැරීමට පිබිදිනුගම හා ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට හැකිවිය.  ප්‍රදේශයේ ජනතාවගේ භවබෝග විනාශ කර දමා ඇති අතර, ජීවිතවලට ද දැඩි අවදානමක් පැවතිණ.

    නිවාස කිහිපයකට ද දැඩි හානි කර ඇති අතර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද අඩාල වී තිබූ බවයි ගම්මුන් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 12:44

    Latest News