15 දක්වා හිරු දිවයිනට සෘජුවම

අප්‍රේ 11, 2019

    අප්‍රේල් මස 5 වැනිදා සිට 15 වැනි දා දක්වා සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දහවල් 12.10ට වනාතවිල්ලුව,ඔත්තප්පුව,සියඹලාගස්වැව,කට්ටමුරිච්චාන,රඹෑව හා මීගස්වැව යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බවයි වාර්තා වන්නේ. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ හා බස්නාහිර පළාත්වලත්, මඩකලපුව, අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. අනුරාධපුරය හා වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    සබරගමුව,මධ්‍යම,ඌව හා දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, එම ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අකුණු හා ගිගුරුම් පවතින අවස්ථාවල දී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද ඉල්ලීමක් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 09:54

    Latest News