හිසතෙල් ගෑමේ මහෝත්සවය 17දා බෝම්බුවලදී

අප්‍රේ 11, 2019

    ජාතික හිසතෙල් ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට නියමිතයි.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය සංවිධානය කෙරේ.

    මෙම මස 17 වැනිදා පෙරවරු 7.40 ට හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වෙන අතර විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියෝ ආගමික වතාවත් සිදු කරති.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 09:09

    Latest News