රුපියල ශක්තිමත්-බැංකු පොළී අඩු කිරීමට තීන්දුවක්

අප්‍රේ 10, 2019

    බැංකු ණය පොළී අනුපාත අඩු කිරීමට රජය පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.


    “විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සළකන හැටියට දැනුම්දීමේ වැඩසටහන කරලා තියෙන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ණය බර අඩුවෙයි කියලා ව්‍යාපාර දියුණු කරන්න. රටේ ණය වැඩිවෙලා තියෙන නිසා ව්‍යාපාර දියුණු කරන එක අමාරුයි. අපි ගිය අවුරුද්දේ බලාපොරොත්තු වුණා පොලිය අඩු කරගන්න. ඇත්ත වශයෙන්ම දවස් 51 අර්බුදය නිසා මේ රටට ඩොලර් බිලියන දාහක් නැතිවුණා. මේ මිලියන දාහ නැතිවුණ නිසා අපිට ගිය අවුරුද්දේ මේක කරගන්න බැරිවුණා. දැනට මේ අවුරුද්දේ මේක කරන්න ශක්තියක් තිබුණා. විශාල ණයක් තිබුණා. ඒ ණය වලින් වැඩිම වාරිකය ගෙවන්න තිබුණේ ගිය අවුරුද්දේ. එතකොට අපේ පොලිය බැංකුවට උවමනා මුදල් ඉල්ලීම වැඩිවෙනවා. පොලිය වැඩිවෙනවා. දැන් මේ නිසා දැන් අපිට මේ වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි සති 6කින් විතර මුණගැහිලා තවත් සංශෝධන උවමනා නම් ලබලා දෙනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් වාණිජ බැංකු සමඟ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ණය පොළී අනුපාත අඩුකිරීම සම්බන්ධ කමිටුවත් පත් කෙරිණ. ඒ, මුල්‍ය මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන නිහාල් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්. බැංකු ණය පොළී අනුපාත අඩුකිරීම සිදුවන්නේ මෙම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්. පසුගිය කාලසීමාවේ ණය පොළී අනුපාත ඉහළයාම විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ මූල්‍ය තැන්පතුවලට ද විශාල බලපෑමක් සිදු කළේය. නව පියවර මගින් සැලකිය යුතු ධන මුහුර්ත පොළියක් තැන්පත්කරුවන් වෙත ලබාදීම රජයේ අරමුණයි. උද්ධමනය පහළයාම තුළ පොලී අනුපාත අඩුවීමේ ප්‍රතිලාභය ද ජනතාවට වැඩිපුර ලබාගත හැකිවේ. අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, කමිටු නිර්දේශ අනුව ණය පොළී අනුපාත 2%කින් පමණ පහළ දැමිය හැකි බවයි.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 20:32

    Latest News