කොළඹ ‍ඩෙංගු අධිඅවදානම් තත්වයක

ඔක් 07, 2024

    ශ්‍රී ලංකාවේ මේ වසරේ ඊයේ දිනය වන විට (06) ‍ශ්‍රී ලංකාවේ ඩෙංගු මරණ 19 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත වාර්තා අනූව පෙනී යනවා.

    වාර්තාවී ඇති සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 32905 ක්.

    ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම අගය 16,879ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.2% ක්.

    ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය 9980ක් වන අතර ප්‍රතිශතයක් ලෙස සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 25%ක්. ඒ අනූව ලංකාවේ ඩෙංගු අවධානම් දිස්ත්‍රික්කයට බවට කොළඹ දිස්ත්‍රික්කය පත්ව තිබෙනවා.

    දෙවැනි, වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ප්‍රමාණය 4677ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 11.7%ක්.

    තෙවැනි අවදානම් දිස්ත්‍රික්කය වන්නේ යාපනයයි. රටේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 10%කට වැඩි සංඛ්‍යාවක් යාපනයෙන් වාර්තා වනවා. ඒ අනූව පෙනී යන්නේ උතුරු පළාත දෙවැනි අවදානම් පළාත බවට පත්ව ඇති බවයි.

    මේ වසරේ වැඩිම රෝගීන් ජනවාරි මාසයේ වාර්තා වී ඇති අතර එම අගය 10,417ක්. ඔක්තෝම්බර් 6 වැනි දා වන විට (ඊයේ දිනය) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 554ක්.

    ‍මේ හේතුවෙන් ‍ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා ඩෙංගු ‍මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටීමට ගත හැකි ක්‍රියා මාර්ගා ගැනීම ඉතා වැදගත් බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. 

    ඉන් ජීවිත ඩෙංගු මාරයාට බිලිවීම වළක්වා ගත හැකියි.

     

    462376833 1103621904657677 494877899903497187 n

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2024 10:54

    Latest News