CID අත්අඩංගුවට ගත් සජිත් පෙරේරාට ඇප

අප්‍රේ 03, 2019

    මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ ඩුබායි සිට පිටුවහල් කළ ලංකා සජිත් පෙරේරා ශරීර ඇප මත මුදා හැරිණ.

    හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණ. ඔහු, පසුගිය පෙබරවාරි 5 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මදූෂ් ඇතුළු 31 දෙනාගේ කණ්ඩායමේ එක් අයෙකු වේ.

    ඒ අනූව, අප්‍රේල් 1 වැනිදා ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අළුයම කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 14:44

    Latest News