කැපවීම වෙනුවෙන් ඇගයීමක් (ඡායාරූප)

අප්‍රේ 03, 2019

    දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම, ඉතා කැපවිමෙන් හා විශිෂ්ට ලෙස රාජකාරි ඉටු කළ පොලිස් නිලධාරින්ගේ සේවය ඇඟයීම සහ ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්විණ. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) ශ්‍රි ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී.

    මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරිම වෙනුවෙන් දිවා රෑ අව් වැසි නොතකා වීර වික්‍රමාන්විතව රාජකාරි ඉටුකරන ලද පොලිස් නිලධාරීන් හට ත්‍යාග මුදල් පිරිනැමීම සෑම කොට්ඨාසයකම පාහේ සිදුකරනු ලබයි.

    මෙහිදී පොලිස් නිලධාරීන් 854 දෙනෙක්, සිවිල් පුරවැසියන් 06 දෙනෙක් හා වෙනත් නිලධාරීන් 03 දෙනෙකු සඳහා රුපියල් 22,064,500/= ක මුදලක් (දෙකෝටි විසි ලක්‍ෂ හැට හතරදහස් පන්සියක්) ත්‍යාග මුදල් ලෙස බෙදාදුන් අතර පොලිස්පති ප්‍රශංසා 431 ක්ද, විශේෂ වැටුප් වර්ධක 09 ක්ද පිරිනැමීම සිදුකරන ලදි.

    2017.06.16 වන දින මන්නාරම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිලාවතුර පොලිස් වසමේදී කේරළ ගංජා කිලෝ 138 ග්‍රෑම් 834 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සහාය වූ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් එස්.ඩබ්.ඩී. ප්‍රසාත් මහතාට පොලිස්පතිතුමන් විසින් ත්‍යාග මුදල් පිරිනෑමිම විශේෂ සිදුවිමක් විය.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ හා සහායක සේවා හා තොරතුරු තාක්‍ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    1

    3

    4

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 11:37

    Latest News