නැකැත් සීට්ටුව ජනපතිට

අප්‍රේ 02, 2019

    සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.
    අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැුකියා ස`දහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

    ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 13:06

    Latest News