හොර පාරෙන් සැප වාහන තොගයක් රටට ඇවිත්

ජූනි 06, 2024

    ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

    මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කෙරිණා.

    ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.

    ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.

    දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බව ද අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී ප්‍රකාශ කර සිටියා.

    Latest News