මදූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 2ක් දිවයිනට

අප්‍රේ 02, 2019

    මාකඳුරේ මදූෂ් සමඟ බුඩායි පොලිසියේ අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් අද උදෑස යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

    ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්. කොළඹ 12 පදිංචි 48 හැවිරිද මොහොමඩ් සිද්ධික් මොහොමඩ් ෂියාම් සහ කඹුරුපිටියේ පදිංචි 40 හැවිරිදි ලංකා රජිත පෙරේරා යන සැකකරුවන් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 07:42

    Latest News