“සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය-2019“ ආරම්භ වේ

අප්‍රේ 01, 2019

    “සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය-2019“ අද ආරම්භ කෙරිණ.

    ඒ අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික රූපවාහිනිය එහි නිල මාධ්‍ය අනුග්‍රාහකයායි. සමාරම්භක උත්සවය, පාසල් තූර්යවාදක කණ්ඩායම් 58කින් වර්ණවත් විය. වසන්ත සමයේ නුවරඑළියට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයින්ගේ විනෝදාස්වාදය සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    තුරඟ-තරඟ, මෝටර් රථ ධාවන තරඟ, ජල ක්‍රීඩා සහ මල් ප්‍රදර්ශන ඊට ඇතුලත්. අදින් ඇරඹුණු සැළලිහිණි වසන්තය අප්‍රේල් 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි. නුවරඑළිය මහ නගර සභාව සංවිධාන කරන “සැළලිහිණි වසන්තය“ වැඩසටහනට ජාතික රූපවාහිනිය අනුග්‍රාහක දායකත්වය ලබාදෙන්නේ 16 වැනි වරටයි.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 19:35

    Latest News