බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරේ රියදුරුට ඇප

අප්‍රේ 01, 2019

    ඉකුත්දා බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ සැකකරුවන් 8කට එරෙහිව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට නඩු පැවරිය හැකිබව විමර්ශන නිලධාරීන් මහාධිකරණයට දන්වා තිබේ.

    සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියැදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක්  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියම කළේය.
     
    පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව නඩුව නැවත අප්‍රේල් මස 22 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම   සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 11:34

    Latest News