update-දිමුත්ට ඇප; රියදුරු බලපත්‍රය අත්හිටුවයි

අප්‍රේ 01, 2019

    update- බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධිය අදාළව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.  රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණයට නියෝග කර තිබේ.

    දිමුත් රථවාහන අධිකරණයට - 2019.04.01 (11.00)

    බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධිය අදාළව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න කොළඹ රථවාහන අධිකරණයට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රිය අනතුරක් සම්බන්ධව පසුගියදා (3/31) පොලිස් අත්අඩංගුවට පත්ව විය.

    අලුයම 5.15ට පමණ බොරැල්ල පොලිස් වසමේ කින්සි හොර්ටන් හංදියේ දී මෙම අනතුර සිදුව තිබේ. ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණ.

    අනතරුව දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත නිදහස් කෙරුණ අතර පසුදින (01) දින අධිකරණයට ඉදිරිපත් වන ලෙස පොලිසිය විසින් ඔහුට දැනුම් දී තිබිණ.අනතුර සිදුවන අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමත් ව සිටි බවට අනාවරණය වීමත් සමග බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරිණ.

    සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දිමුත් කරුණාරත්න අතර ඇති ගිවිසුමට මේ තුළින් යම් බලපෑමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි. එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නිවේදනයේ සඳහන්.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 12:27

    Latest News