ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අද

අප්‍රේ 01, 2019

    දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රිමා දිසානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

    අමාත්‍ය නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ මෑණියන් වන ඇය පසුගිය 29 වැනිදා පෞද්ගලික රෝහලයක දී අභාවප්‍රාප්ත වන විට 77 වියේ පසුවිය.

    දේහය මේ වන විට කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 07:51

    Latest News