මල්වතුහිරිපිටියේ වෙඩි තැබූ ඝාතකයා මරුට

මාර් 12, 2024
    ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සැකකරු අත්තනගල්ල, යටවක ප්රදේශයේ සැඟවූ ආයුධ සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇත.

    සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරියෙක් වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
     
    ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල, හම්බේගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ, බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මතයි.
     
    32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News