දකුණ හොල්ලන වෙඩි වරුසා - මරණ 4ක්

මාර් 12, 2024
    පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්රදේශවල සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    පිටිගල, ගුරුවල ප්රදේශයේ වෙළෙඳසැලක් අසළදී ඊයේ (11) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබුවා.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමට ටී - 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
     
    තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇල්පිටිය රෝහලටත් තවත් දෙදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලීසීය පවසන්නේ.
     
    මේ අතර, අම්බලන්ගොඩ, ගලගොඩ ප්රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
     
    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්රී (11) එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සඳහා ටී - 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළකරනවා.
    තුවාල ලැබූවන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News