AI තාක්ෂණයෙන් පළමු රූපවාහිනී වැඩසටහන ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයෙන්

මාර් 07, 2024
    AI හෙවත් කෘතිම බුද්ධිය සම්බන්ධ තාක්ෂණික යෙදවුම්, මේ වනවිට ලොව පුරා විවිධ ක්ෂේත්රයන් සඳහා ඉතා වේගයෙන් භාවිතයට ගනිමින් සිටිනවා.

    ඕනෙම ක්ෂේත්රයක් සඳහා ඉතා සියුම්ව භාවිත කළ හැකි මෙම තාක්ෂණික යෙදවුම් 2050 වනවිට මිනිසුන්ගේ කාර්යයන්ගෙන් විශාල ප්රමාණයක්, සිදුකරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වන්නේ.

    ඒ අතර ලොව පුරා ප්රධාන ධාරාවේ ගුවන්විදුලි, රූපවාහිනී මාධ්ය ඇතුළු සමාජ මාධ්ය භාවිතය තුළ කෘතිම බුද්ධි යෙදවුම් සහිත වැඩසටහන් විශාල ඉඩකඩක් අත්කරගෙන අවසන්.

    ලංකාවේ රූපවාහිනී මාධ්ය වැඩසටහන් සඳහා කෘතිම බුද්ධි යෙදවුම් හෙවත් ඒ.අයි. තාක්ෂණයේ Chat GPT තාක්ෂණය භාවිත කළ ප්රථම වැඩසටහන, ජාතික රූපවාහිනියේ “සිහින සැබෑ කරන ඩුබායි” වැඩසටහන ඔස්සේ පසුගියදා විකාශය කළා.
     
    එය ලංකාවේ රූපවාහිනී මාධ්යකරණයේ ප්රථම AI තාක්ෂණික යෙදවුම් සහිත වැඩසටහන ලෙස ඉතිහාසයට එක්වනවා. ජාතික රූපවාහිනී ප්රවෘත්ති අංශය විසින් වැඩසටහන නිෂ්පාදනය කරනු ලැබුවා.
     
    සම්පූර්ණ පුවත අපගේ Youtube නාලිකාවෙන් නරඹන්න>>>https://rb.gy/9eev71
    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 10:45

    Latest News