ඇමැති සජිත්ට ගෞරව නාමයක්

මාර් 30, 2019

    ශ්‍යා‍මෝපාලි වංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන යන ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය අද (31) මල්වතු විහාරයේ දී පැවැත්වේ.

    මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක තිබිබටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විද්වත්තංශ කාරක සංඝ සභාව විසින් මේ ගෞරව නාමය ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමීම සිදු කරති. මේ ගෞරව නාමය පිරිනැමීමේ ප්‍රදානොත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 07:54

    Latest News