එරාවුර් අනතුරකින් 3ක් මරුට

මාර් 30, 2019

    එරාවුර්, වාලච්චෙන මාර්ගයේ චන්දාරමුල්ල අම්මාන් කෝවිල අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.

    අනතුර සිදුවූ අවස්ථාවේ දී වාචච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ වෙනත් යතුරුපැදියක්ද මාර්ගයේ ලිස්සා ගොස් අනතුරට ලක්ව ඇති අතර එහි ගමන් ගත් දෙදෙනාද මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.35ට පමණ. මිය ගිය අය වයස අවුරුදු 26, 22 හා 21 වයස්වලපසුවන පලාචෝලෙයි, වන්දාරමුල්ල හා කාත්තන්කුඩි ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 09:00

    Latest News