රෆා හරහා මානුෂීය ආධාර ලබා දීමට එකඟත්වය

ඔක් 19, 2023
    ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිවූ එකඟතාවයකින් පසුව "රෆා දේශසීමා හරහා” ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර මානුෂීය කණ්ඩායම් සමඟ දෙරටේ බලධාරීන් විසින් මානුෂිය ආධාර සම්බන්ධීකරණය කරන බව නායකයින් දේපල නිවේදනය කර තිබෙනවා.

     එමගින් ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් රථ වලට ඊජිප්තුවේ රෆා දේශසීමා පර්යන්තය හරහා ගසා තිරයට ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයට මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් රෆා දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි. එම ට්‍රක් රථ දේශසීමාව හරහා හෙට දිනයේදී ගාසා තීරයට යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 12:14

    Latest News