පොලිස් ලොකු පුටුවේ කාලය අවසන්

ඔක් 09, 2023
    පොලිස්පති සී.ඩී.වික්රමරත්න මහතාගේ සේවා දිගුව අදින් අවසන් වනවා.

     ඔහුගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට නියමිතයි.

    මේ වන තෙක් පොලිස්පති ධුරයට කිසිවෙකු නම් කර නැහැ. එම ධුරය සඳහා සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.
     
    35 වැනි පොලිස්පතිවරයා වන වත්මන් පොලිස්පති සී.ඩී.වික්රමරත්න මහතා පසුගිය මාර්තු 25 වැනිදා විශ්රාම යාමට නියමිතව සිටියා.
     
    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඔහුට මුල් වරට මාස 3 ක සේවා දිගුවක් ලබා දුන් අතර, එය අවසන් වීමෙන් පසු දෙවැනි සේවා දිගුව පසුගිය ජුනි 9 වැනි දින සිට ක්රියාත්මක කෙරුණා.
     
    ඒ අනුව, පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ඔහුට ලබා දී තිබූ දෙවැනි සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතයි.
    Last modified on සදුදා, 09 ඔක්තෝබර් 2023 13:19

    Latest News