පොලිස්පති හඬ සාම්පල් දීමට පැමිණේ - Update (වීඩියෝ)

ජන 14, 2019
  • Update - කටහඩ සාම්පල් ලබා දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට  රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

     එ අනුව පරික්ෂණයට අදාළ කට හඬ සාම්පල් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. 

     

    පොලිස්පති අද කටහඩ පරීක්ෂාවකට (8.30)

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තා අනාවරණය කළ තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් ඇරඹි පරීක්ෂණයට සම්බන්ධවයි. ඒ අනූව කටහඩ සාම්පලයක් ලබා ගැනීම සඳහා ඔහු ප්‍රථම වතාවට අද පෙරවරු 10.00ට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

    දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදය පොලිස්පතිවරයාගේ කටහඩ තිබේ ද යන්න පරීක්ෂා කිරීමට ඔහු මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.

    මෙම චෝදනාවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ත්‍රස්ත විමර්ශණ ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය වසරේ සැපැත්ම්බර් මස දී රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ හඩ සම්පල ලබා දුන්නේය.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 20:48

    Latest News