ගාල්ල - මාතර සියලු පාසල් වැසේ

ඔක් 09, 2023
    ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලුම පාසල් අද (09) සහ හෙට (10) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

     ඒ, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

    මෙම තීරණය ගෙන ඇත්තේ, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
     
    එසේම 12 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගය කල් දැමීමටද තීරණය කර ඇති බව ද වාර්තා වනවා.
    Last modified on සදුදා, 09 ඔක්තෝබර් 2023 13:21

    Latest News