දෙදෙනෙකුට මරු කැඳවූ STF ඩිපෙන්ඩර් අනතුර

ඔක් 10, 2023

    වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රි 9.30ට පමණCසිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.

    පොලීසිය පැවසූවේ වර්ෂාව පැවති අවස්ථාවේ, පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

    අනතුරින් වව්නියාව, මඩුකන්ද පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පුද්ගලයන්ය.

    තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    Last modified on අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:20

    Latest News