මාර්ගගත ආරක්ෂක පනත් කෙටුම්පත අද මැතිසභයට

ඔක් 03, 2023
    පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වැනිදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

     

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙන බවයි.
    එමෙන්ම සමත මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.
    මේ අතර මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    Latest News