වාහන ආදායම් බලපත්‍ර ඉදිරියේදී නිවසටම

ඔක් 02, 2023

    ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීම, ලබන 7 වැනිදා සිට සිදු කිරීමට පියවර ‍ගෙන තිබෙනවා.  

    තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනකහේරත් මහතා පවසන්නේ, මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක බවයි. "ස්ථාවර  රටකට - සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ‍ඒ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News