සෑම අධිවේගයකට ETC ළගදීම

මාර් 28, 2019

    අධිවේගී මාර්ග භාවිත කරන්නන් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    මෙම නව ETC කාඩ්පත් සඳහා ලබන 11 වැනිදා දක්වා ලියාපදිංචි විය හැකියි. නව ගෙවීම් ක්‍රමය මගින් අධිවේගී මාර්ග භාවිත කරන ජනතාවට ගාස්තු ගෙවීම කාර්යක්ෂමව සිදු කළ හැකි වෙයි. මෙම පහසුකම දැනට පවතින්නේ, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණයි. ජා - ඇල, සීදූව, කටුනායක හුවමාරු මධ්‍යස්ථානවල දී කාඩ්පත් ලියාපදිංචිය මේ වන විටත් සිදු කෙරෙන අතර, වැඩිදුර තොරතුරු 1969 ක්ෂණික දුරකථන අංකය මගින් ලබාගත හැකියි. ඉදිරියේ දී මෙම පහසුකම කොළඹ පිටත වටරවුම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ජනතාව වෙනුවෙන් ද ලබා දීමට නියමිතයි.

    පිටවීමේ දොරටුවලින් මුදල් ගෙවා ගමන් කිරීමේ දී පැයකට වාහන 250කට සීමා වෙයි. මෙම කාඩ්පත් ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව පැයකට වාහන 1,250කට අධික ප්‍රමාණයකට පිටවිය හැකියි. කාර්ය බහුල වේලාවන්හිදී ඇතිවන තදබදය මෙන්ම, උත්සව සමයේ දී ඇතිවන දිගු වාහන පෝලිම් අවමකර ගැනීමට මෙම ක්‍රමය නිසා හැකිවන බවයි, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 07:47

    Latest News