“2023 නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමග” ප්‍රශ්නෝත්තර කට්ටලය දැන් වෙළෙඳපොලේ

අගෝ 16, 2023

    2023 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් “නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමග” ප්‍රශ්නෝත්තර කට්ටලය අද වෙළෙඳපොළට නිකුත් කෙරුණා.

    මෙය, ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් අංශය, රජයේ පාසල්වල සේවය කරන ප්‍රවීණ ගරුවරුන් හා එක්ව සම්පාදනය කර තිබෙනවා. නැණ මිහිර ශිෂ්‍යත්ව වැඩසටහන ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් අංශය 3, 4, 5 යන ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. නැණ මිහිර සජීව වැඩසටහන සතියේ දින 5 තුළ ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙනවා.

    ඊට සමගාමීව, දිවයිනේ දුෂ්කර පළාත් ඉලක්ක කර ගනිමින් නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවන් ද පවත්වනු ලබනවා. මේ වන විටත් කඹුරුපිටිය, ලුණුගම්වෙහෙර යන නගරවල සම්මන්ත්‍රණ පවත්වා අවසන්. ඉදිරියට නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ 18 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    අද සිට දිවයිනේ සියලු පොත් වෙළෙඳසැල්වලින් නැණ මිහිර ශිෂ්‍යත්ව ජය මඟ ප්‍රශ්නෝත්තර කට්ටලය මිලදී ගත හැකියි. පාසල් සහ පොත්හල් සඳහා විශේෂ වට්ටම් සහිතවයි, එය අලෙවි කෙරෙන්නේ. 011 3158 655 දුරකථන අංකයෙන් ජාතික රූපවාහිනී රූ එන්ටර්ටේට්මන්ට් අලෙවිසැල ඇමතීමෙන් මේ පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකියි.

    Last modified on බදාදා, 16 අගෝස්තු 2023 17:30

    Latest News