සා.පෙළ පිළිතුරු පත්‍ර බලන්න සූදානම්

අගෝ 16, 2023

    2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අගෝස්තු 18 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    පළමු අදියරේ ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බවයි, එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කරන්නේ.

    මෙම ඇගයීම් කටයුතු පාසල් නිවාඩු කාලය තුළ සිදුවන බවත් ඒ හේතුවෙන් කිසිදු පාසලක් අමතර වශයෙන් වසා දැමීමක් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

    Latest News