ඉඩෝරය නිම කරමින් අනුරපුරයට වැසි

අගෝ 12, 2023

    අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇඳ හැලුණා.

    පසුගිය මාස කිහිපය පුරාම දැඩි නියං තත්වය හේතුවෙන් වැව් රැසක් සිදී ගොස් තිබුණා. එම ප්‍රදේශයේ දැඩි උෂ්ණත්වයක් ද පැවතියා.

    වර්ෂාව ලැබීමත් සමග ජලය හිඟ වීමෙන් හානි වෙමින් පැවති ගොවිතැන් පිළිබඳව යළි බලාපොරොත්තු තබා ගත හැකි බවයි එම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ.

    අද උදෑසනත් (12) දිස්ත්‍රික්කය පුරා වැසි බර කාලගුණයක් පවතින බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News