ව්‍යාජ ඔප්පුවක් සැකසූ නීතීඥයෙකුට වැඩ වරදී

අගෝ 11, 2023

    ව්‍යාජ ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් වරදකරුවූ නීතීඥයෙකුගේ, නීතීඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

    මධ්‍යම පළාත්බද මහාධිකරණයේ රිජිස්ට්‍රාර්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිලකට අනුවයි, නඩුව විභාග කෙරුණේ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී නඩුව විභාගරයට ගැනුණා. 1999 වසරේදී ව්‍යාජ ඔප්පුවක් සකස් කිරීමෙන්, නොතාරිස් ආඥාපනත යටතේ වරදක් සිදු කළේයැයි, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබුණා. වරදකරු වූ නීතීඥවරයාගේ නම, නීතීඥ නාමලේඛනයෙන් ඉවත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

    Latest News