පේරා - ඉලනෝයි එක්කළ ගිවිසුම

අගෝ 10, 2023

    ‍අමෙරිකා එක්සත් ජනපදයේ, ඉලනෝයි විශ්වවිද්‍යාලය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ, අධ්‍යාපන හා පරීක්‍ෂණ ක්‍ෂේත්‍රය වි‍ෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කර ගැනීම සඳහා යි.

    අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙ‍රුණේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙහිදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් පේරාදෙනිය සරසවියේ උප කුලපති  මහාචාර්ය එම්. බී. ළමාවංශ මහතා ගිවිසුමට අත්සන් තැබුවා. අමෙරිකානු රජය වෙනුවෙන් එරට ඉලනෝයි සරසවියේ පශු වෛද්‍ය විද්‍යාලයීය පීඨාධිපති පීඨ කොන්ස්ටබල් මහතා අත්සත් කළා.

    දෙරටේහි පරීක්‍ෂණ හා වෘත්තීය අධ්‍යාපන සහයෝගිතාව වඩාත් පුළුල් හා සවිමත් කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීමේ තවත් අරමුණක්.

    මෙමගින් පේරාදෙනිය  විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය සත්ව ආහාර, සත්ව ඖෂධ හා  පශු ශෛල්‍යකර්ම යන ක්‍ෂේත්‍රවල විශේෂ අධ්‍යාපනික වර්ධනයක් අපේක්‍ෂා කෙ‍රෙනවා.

     මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික විද්‍යාඥ සිවා සිවනාදන්,  විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News