නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් 09 ක් මීට මාසයකට පමණ පෙර එවා තිබුණි .
ඒවා භාර ගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයෙකු නොපැමිණීම නිසා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් 07/25 දින සවස එම පෞද්ගලික කූරියර් ආයතනයේ දී , එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීම සිදු කෙරුණි .
එහිදී ඒවා තුළ " මැජික් මස් රූම් " ග්‍රෑම් 297 ක් , මෙතැම්පටමයින් නොහොත් එක්ස්ටසී පෙති 2,000 ක් , චොක්ලට් ආකාරයට සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් , ඇමෙරිකානු " කුෂ් " නැමැති ගංජා තොගයක් සහ එම ගංජා ඇට අඩංගු පාර්සල් කීපයක් ද වූ අතර මේවා සියල්ලේ මුළු බර කිලෝ ග්‍රෑම් 06 ක් පමණ විය .
මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත යොමු කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ .