පළාත් කිහිපයකට අදත් වැසි

ජූලි 08, 2023

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

    වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමබ පැයට කිලෝමීටර් 40 ත් 45 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

    Last modified on සෙනසුරාදා, 08 ජූලි 2023 10:43

    Latest News