ඉදිරි දශකයේ වැඩිම විදේශ විනිමය සංචාරක කර්මාන්තයෙන් - ජනපති

ජූලි 07, 2023

    ඉදිරි දශකය තුළ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ක්‍ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනයේ දී, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. "දේශසීමා ඉක්මවා යාම" තේමාව යටතේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත, ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය, සමුළුව සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්‍ෂිත සහ ආකර්ෂණීය ගමනාන්තයක් බව ලොවට හඳුන්වා දෙමින්, මෙය පැවැත්වෙනවා. සම්මේලනයට, ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයින් 500 දෙනෙකු එක්ව සිටිනවා.‍

    එය ආවරණය කිරීමට ඉන්දියානු මාධ්‍ය‍වේදීන් 50 දෙනෙකු එක්ව සිටිම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් දැනටමත් සකස්කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒකපුද්ගල ආදායම ඉහළ නංවා ගත හැකි බවද අවධාරණය කළා. දේශසීමා ඉක්මවමින් " බිම්ස්ටෙක්" කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සියලු " බිම්ස්ටෙක්" රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. ‍

    නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉන්දියානු සංචාරක නියෝජිත සම්මේලනයේ සභාපති ජෝති මායල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News