රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි

ජූනි 30, 2023

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අදත් පස්වරු 2.00 ට යළි රැස් වීමට නියමිතයි.

    ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහායි.

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය පාර්ශ්වයේ පිරිස්, අද පැවැත්වෙන රැස්වීමට කැඳවා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳ රජයේ මුදල් කාරක සභාවේ තීරණය අද සාකච්ඡාවෙන් පසු දැනුම් දීමට නියමිතයි.

    හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන බවට, කථානායකවරයා මීට පෙර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රැස්වීමේ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ද අද පස්වරු 2.00 ට රැස්වීමට නියමිතයි.

    Latest News