පාඨලී ගේන්න හදන අළුත්ම හතර

මාර් 25, 2019

    සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් ගෙන ඒමට පියවර ගෙන තිබෙන බවත්, මකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ආරම්භ කරන බවත්, මඟීන් ගෙනයන නවීන බස් රථ සේවාවක් අවශ්‍ය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    බස් සීග්‍රගාමී සේවාවක් ඇති කිරීමත් සැහැල්ලු දුම්රිය සේවාවක් ඇති කිරීම කළ යුතු බවට තීන්දු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රවාහන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    රටක ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ස්ථාවර සානයක් ජාතික ආරක්ෂාව තිබෙන්න ඕන. නීතිය ශක්තිමත්ව තිබිය යුතුයි. මූල්‍ය ප්‍රතිපත්තියක්, විශ්වාසනීය වෙළඳපොළක අවශ්‍යතාවයක් තිබෙනවා. භාණ්ඩ හා සේවා ප්‍රවාහන අත්‍යාවශ්‍යයි. හොඳ ප්‍රවාහන පද්ධතියක් රටට වශ්‍යයි.

    අද අපගේ ජනගහනය තුන්ගුණයකට ආසන්නයි. අපගේ වාහන පද්ධතිය දහස් ගුණයකින් වැඩි වෙලා මිලියන 7කට වඩා මොටර් රථ ප්‍රමාණයක් තිබෙනවා. මහමඟ ප්‍රවාහන තදබදය නිසා නාස්තිවන ධනය මිලියන 1000ක් ආසන්නයි.

    පොදු ප්‍රවාහන වෙනස් වෙලා, පෞද්ගලික වාහනවලින් මාර්ග තෙරපුමකට ලක්වෙලා, වාහන තදබදය ඇති වෙලා තිබෙනවා. පොදු ප්‍රවාහනය නවීකරණයට අතිවිශාල ධනස්කන්ධයක් වැය කොට තිබෙනවා. කොළඹ නගරය සියයට 15%ක ඉඩම් ප්‍රමාණයක් මාර්ගවලට යටවෙලා.අපි වෙනස් උපය මාර්ගයකට යා යුතුයි කියලා 2015 දී අලුත් මූලික සැලසුමක් ඇති කරන්න කටයුතු කළා මාර්ග ක්‍රියාදාමය වැඩි දියුණු කිරීම සඳහා.

    අධිවේගී මාර්ග පද්ධතිය සකස් කෙරෙනවා. බත්තමුල්ලේ බහුවිධ ප්‍රවාහන පද්ධතියක් සකස් කෙරෙනවා. වෙනත් පළාත්වල මේ සබැදියාව ආරම්භ කෙරෙනවා. මකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ආරම්භ වෙනවා. නාවීන බස් රථ සේවයක් ආරම්භ ආරම්භ කරනවා. මඟීන් ගෙන යන නවීන බස් රථ සේවාවක් අවශ්‍යයි. බස් සීග්‍රගාමී සේවාවක් ඇති කිරීමත් සැහැල්ලු දුම්රිය සේවවක් ඇති කිරීම කළ යුතු බවට තීන්දු කළා.

    කිලෝ මීටර 40 බස් ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දුන්නා. අන්තර්ජාලය මඟින් පාලනය වන සීග්‍රග්‍රාමී බස් රථ සේවයක අවශ්‍යතාවය තිබෙනවා. ''සහසර'' නමින් නියමු ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළා. එහි අද්දැකීම් පාදක කරගෙන මුළු රටේම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සැහැල්ලු දුම්රිය පද්ධති 4ක් ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 19:31

    Latest News