චානුක රත්වත්තේගේ මූල්‍ය සමාගම් නඩුව මැයි 25

මාර් 25, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන තවමත් සම්පූර්ණයෙන් තමන් වෙත ලැබි නොමැති බවයි.

    ඒ අනුව අදාළ ලේඛන විත්තිය වෙත කඩිනමින් ලබා දෙන්නැයි රජයේ නීතිඥවරයාට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත මැයි මස 25 වනදා කැඳවීමට නියම කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව එනට්‍රස්ට් නැමැති මුල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

      

    Last modified on සදුදා, 25 මාර්තු 2019 11:55

    Latest News