ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජූනි 01, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එය, රාත්‍රී 8.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා.

    මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 9 ක කාලයේ දී රජය ගත් පියවර සහ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, විශේෂ  ප්‍රකාශකයේදී අදහස් දැක්වීමට නියමිතයි. 

    එමගින්, මෙරට ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර, අපේක්‍ෂිත ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සඳහා වන  මෙහෙයුම් යෝජනාවලිය ද එමගින් ඉදිරිපත් කෙරෙන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    Latest News