ඖෂධ මිල පහළ හෙලමින් ගැසට් නිවේදනයක්

ජූනි 16, 2023

    ඖෂධ වර්ග 66 ක මිල 16% කින් අඩුකරමින්, ‍‍සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

    ලබන 26 වැනිදා සිට මිල අඩු කිරීම ක්‍රියාත්මකයි. මේ අතර, සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සමංගමය කියා සිටින්නේ, ඖෂධ මිල අඩු කිරිමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට නම්, දැනට පවතින ඖෂධ තොගවල අලුත් මිල සටහන් කර, ලබා දීමට ඖෂධ සමාගම් ක්‍රියාකළ යුතු බවයි. ඖෂධ මිල අඩුකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ප්‍රසාදය පළ කරනවා.

    Latest News