ඩිප්ලෝමාධාරීන් 7,342 දෙනෙකුට ගුරුපත්වීම්

ජූනි 16, 2023

    ජාතික ශික්ෂණ ‍විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ජාතික උත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 7,342 දෙනෙකු මෙවර ගුරුපත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබුණා. 2018 – 2022 අධ්‍යයන වර්ෂයට අයත් පිරිසටයි, අද පත්වීම් පිරිනැමුණේ. මෙහිදී ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් 1,729 ක් ද බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ද ප්‍රධානය කෙරුණා. මීට සමගාමීව, අනෙකුත් පළාත් 8 සඳහා ද පළාත් මට්ටමින් පත්වීම් ලබාදී තිබෙනවා. 2050 ට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි, ජනාධිපතිතුමා මෙහිදී ප්‍රෂකාශ ක‍ළේ. මැතිඇමතිවරුන්, ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News