ගුරුවරු බිහිකරන අලුත් සරසවිය

ජූලි 12, 2023

    ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවරුන් බඳවාගනු ලබන්නේ, සිව් වසරක උපාධිය සඳහා ස්ථාපනය කෙරෙන විශ්වවිද්‍යාලයකින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, හලාවත ඊයේ (11) පැවති විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    රට පුරා පවතින විද්‍යාපීඨ 19 ඉදිරියේ දී විශ්වවිද්‍යාල හා ඊට අදාළ පීඨ බවට පත් කිරීමට නියමිතයි.

    ඒවා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන බවට පත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම, වෙනත් විශ්වවිද්‍යාල මෙන් වෘත්තිය සංගම් සාදා ගැනීමේ අවසරයක් ඊට හිමි නොවේ.

    Latest News