කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය ජනතා අයිතියට

ජූනි 16, 2023

    කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය අද වීවෘත කෙරුණා.

    ඊට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 450 ක්.  වරායේ ඉදිකිරීම් සිදු කළේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, පර්යන්තය විවෘත කෙරුණා. ඉන්දියාවට අයත් " එම් වී එම්ප්‍රස්" නෞකාවයි, වරායට පැමිණි පළමු මගී නෞකාව. සංචාරකයින් 800 දෙනෙකු එම නෞකාවෙන් පැමිණියා. කන්කසන්තුරය වරාය කලක් නාවික හමුදාව යටතේ පාලනය වුණා.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ කෙරුණු සංචාරක වැඩපිළිවෙළ යටතේ එය සංචාරක වරායක් බවට පරිවර්තනය කිරීමටයි, වත්මන් රජය තීරණය කළේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්යංණශයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එක්ව සතියකට වරක් මෙවැනි සුඛෝපභෝගි මගී නෞකාවක් සහ මගී යාත්‍රා ඉන්දියාවේ සිට ‍ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

    එම පර්යන්තයේ මගින් ‍200 දෙනෙකුට එකවර පහසුකම් සැලසිය හැකියි.‍ පවතින ජැටිය අලුත්වැඩියා කිරීම, නව ජැටි දෙකක් සහ ගබඩාවක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන් ඩෙනිස් ක්රෝමප් මහතා අතර සමරු පලක හුවමාරු කෙරුණා.

    Latest News