වත්තල රෙදි කඩයක් ගිනිබත් වෙයි

මාර් 25, 2019

    වත්තල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක හටගත් ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 9.00ට පමණ. එම අවස්ථාවේ වෙළෙඳ සැළේ රැඳී සිටි පාරිභෝගිකයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    සිදුවූ අලාභය ද තක්සේරු කර නොමැති බවයි වාර්තා වන්නේ. කොළඹ ගිනි නිවීමේ ඒකකය හා නාවික හමුදාව ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළේය.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 07:37

    Latest News