කොළඹ  මුද්දර දැක්ම අද (15) සිට

ජූනි 15, 2023

    කොළඹ මුද්දර දැක්ම සහ මුද්දර අලෙවිපොළ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

    ඒ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.  මෙම මුද්දර දැක්ම සහ මුද්දර අලෙවිපොළ තැපැල් මූලස්ථාන පරිශ්රදයේදී අද සිට ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙනවා. එය පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතයි. අතීතයේ සිට නිකුත් කළ මුද්දර දැකබලාගැනීමේ සහ ඒවා මිලදී ගැනීමේ අවස්ථාව ද ජනතාවට හිමිවනවා.

    මීට සමාගාමීව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස හැඳින්වෙන සීගිරියේ ඡායාරූප ඇතුළත් මුද්දර 4ක් ද මෙරටට ආවේණික එළවළු සහ පළතුරු ඇතුළත් මුද්දර 20ක් ද නිකුත් කෙරුණා.  ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News