රු. බිලියන 15ක දුම්වැටි විනාශ කෙරේ

ජූනි 15, 2023

    නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ විශාලතම දුම්වැටි තොගය අද විනාශ කෙරුණා.

    එහි වටිනාකම රුපියල් බිලියන 15 කට අධික බවයි රේගුව පවසන්නේ.  දුම්වැටි මිලියන 200 ක් අද විනාශ කෙරුණේ, මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේදී. ඒ, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජ්‍යේෂ්ඨ රේගු නිලධාරීන් ඉදිරියේ. එම තොගයට දුම්වැටි මිලියන 204 ක් අයත්.

    මෙම දුම්වැටි තොගය නිදහස් වූයේ නම් රජයට සිදු වන පාඩුව රුපියල් බිලියන 13 ක් බවයි එම රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2021 වසරේදී මෙරටට ආනයනය කර තිබූ මෙම දුම්වැටි ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශයේ නිලධාරීන් සිය බාරයට ගෙන තිබුණා. ආනයනකරුවන්ට රේගු ආඥා පනත යටතේ දඩමුදල් නියම කිරීමෙන් පසු දුම්වැටි තොගය රාජසන්තක කෙරුණා.

    Latest News